ශ්‍රී ලංකාවට විශාල විදේශ ය විනිමයක් ගෙන දීම සඳහා දායකවූ අපනයන භෝගයක් ලෙස සැලකෙන්නේ තේ කර්මාන්තයයි. එහි ප්‍රතිඵලයක් ලෙස අතීතයේ සිටම මුළු ලෝකයක් තුළ ජනාධරයට පත් වූ නාමයක් ලෙස සිලෝන් ටී යන සන්නාමය අප කොයි කවුරුත් දන්නා කරුණකි.
නමුත් මේ වන විට ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට ඉතා සෝචනීය ඉර මනා අත්වෙමින් පවතී. එයට හේතුව ලෙස වැඩි ලාභ ගැනීම් අරමුණු කරගෙන කසල තේ වලට වස විෂ එකතු කර තේ නිෂ්පාදනය කිරීම හේතුවෙන් ඉතා ඉහළ නාමයක් දිනාගෙන ලෝකයක් වසඟ කර සිටි සිලෝන් ටී නාමය අපවිත්‍ර වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ශ්‍රී ලංකාවේත් තේ විදෙස් රටවල ගැනුම්කරුවන් ප්‍රතික්‍ෂේප කරමින් පවතී. එම හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ තේ අපනයනය කිරීම සැලකිය යුතු මට්ටමකින් පහළ වැටී ඇත. ශ්‍රී ලංකීය තේ ප්‍රමිතියකින් තොරව සහ විස සහිත ගුණාත්මක බවින් තොර නිෂ්පාදනයක් ලෙස ජාත්‍යන්තරය තුළ ඉතා පහළ ප්‍රමිතියකින් යුත් නිෂ්පාදනයක් ලෙස ප්‍රතික්‍ෂේප වෙමින් පවතින බව ඉතා කණගාටුවට වුවද සිහිපත් කිරීමට කැමැත්තෙමු.
ශ්‍රී ලංකාව විසින් මුළු ලෝකයම වසඟ සිටි සිලෝන් ටී සන්නාමයේ තැන මේ වනවිට සීග්‍රයෙන් කේන්යාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, වියට්නාමය වැනි රටවල් ආක්‍රමණය කර ගනිමින් පවතී. එම නිසා ශ්‍රී ලංකීය තේ අපනයනය සැලකිය යුතු ප්‍රතිශයකින් පහළ වැටී ඇත. ඒ හේතුවෙන් ශ්‍රී ලංකීය තේ කර්මාන්ත බිඳ වැටෙමින් පවතී. මෙම තේ කර්මාන්තය නැවත ගොඩනැගීමට නම් කුඩා ගම්මානව Handmade tea නිෂ්පාදනයට අවශ්‍ය කටයුතු සැලසුම් කළ යුතුය.
ශ්‍රී ලාංකීය සිලොන් ටී සන්නාමය නැවත පන දීමේ අරමුණින් කුඩා තේ වතු හිමියන් ගොඩනගා ශ්‍රී ලාංකීය තේ සන්නාමයට නව ජීවයක් ලබාදීමට සැමොවා (Samorve) නාමයෙන් තේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කෙරුනි.
මෙම කර්මාන්ත ශාලාවේ විශේෂත්වය ස්වභාවික පරිසරයේ සක්‍රීයත්වයෙන් මනාව වැඩුනු තේ වගාවෙන් ඉතා සුරක්ෂිතතාවයක් තේ පඳුරේ ඉස්තරම්ම කපටි දළු කර්මාන්තකරුවන්ගේ දෑතින් එළා ගෙන තැලීමට හෝ පොඩි කිරි වීමට ඉඩ නොදී මනා සෞඛ්‍ය සම්පන්න ආරක්ෂිත පරම්පරික ශිල්පීය ක්‍රම භාවිතයෙන් රස සුවඳ කැටිකර තේ තත්වයෙන් උසස් ගුණයෙන් යුත් මෙම හරිත තේ සහ කළු තේ නිෂ්පාදනය සිදු කිරීමයි.
Leave a Reply