ගෝමරන්කඩවල, ගැමුණුපුර ප්‍රදේශයේ පිහිටි මෙම පොල්ලෙලි චිප්ස් නිෂ්පාදන ව්‍යාපාරය පොල් කර්මාන්තයෙන් ඉවතලන පොල් ලෙලි අගය එකතු කළ නිෂ්පාදනයක් බවට පත් කිරීමේ අරමුණින් පවත්වාගෙන යනු ලබන කර්මාන්තයකි. මේ සඳහා පොල් ලෙලි අමුද්‍රව්‍ය ලෙස යොදා ගනිමින් යන්ත්‍රානුසාරයෙන් පොල්ලෙලි චිප්ස් නිෂ්පාදනය කරනු ලබයි. මෙම නිෂ්පාදන උද්‍යාන අලංකරණය, වගා කටයුතු සහ පැළ වගා මාධ්‍ය සකස් කිරීම වැනි කටයුතු සඳහා යොදාගත හැකිය. ප්‍රදේශයේ පවතින පොල් ලෙලි සම්පත් ඵලදායී ලෙස භාවිත කිරීම තුළින් පරිසර හිතකාමී කර්මාන්තයක් ප්‍රවර්ධනය කිරීමටත්, ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, ප්‍රදේශයේ ජනතාවට රැකියා අවස්ථා උදා කිරීමටත් මෙම ව්‍යාපාරය දායක වේ.
Leave a Reply